Homeදේශීයනාමල් නැගී එන භාරතය සමුළුව අමතන්න යයි

නාමල් නැගී එන භාරතය සමුළුව අමතන්න යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කලාපීය සහ ගෝලීය නායකයන් සමග එක්වෙමින් ඉන්දියාවේදී අද පැවැත්වෙන ‘නැගී එන භාරතය’ සමුළුව ඇමතීමට නියමිත බව වාර්තා වේ.

“දකුණු ආසියානු වේදිකාව: වර්ධනය සඳහා වැඩපිළිවෙළ” යන තේමාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජපක්ෂ එහිදී විශේෂ දේශනයක් පවත්වනු ඇත.

එම දේශනය අතීත නායකත්වයේ අත්දැකීම් සහ අනාගතය සඳහා ඔවුන්ගේ පොදු දැක්ම සමඟ සංසන්දනය කරමින් නැගී එන තරුණ නායකයන්ගේ දෘෂ්ටිකෝණයෙන් කලාපීය සංවර්ධනය ගවේෂණය කිරීම අරමුණු කෙරෙන බව සඳහන්ය.

මෙම සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රධාන දේශනය පවත්වනු ඇත.

අනෙකුත් ඉහළ පෙළේ කථිකයන් අතර මාලදිවයිනේ හිටපු ආරක්ෂක අමාත්‍ය උසා මරියා ඩිඩි මෙන්ම ප්‍රසිද්ධ ඉන්දියානු නිළි කජොල් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශවල කැපී පෙනෙන පුද්ගලයන් කිහිප දෙනෙකු ද සිටින බව වාර්තා වේ.

තිරසාර වර්ධනය, කලාපීය ඒකාබද්ධතාව සහ තරුණ නායකත්වය සඳහා උපාය මාර්ග සාකච්ඡා කිරීම වෙනුවෙන් දකුණු ආසියාව පුරා බලගතු හඬවල් එක්රැස් කිරීමේ වේදිකාවක් ලෙස ‘නැගී එන භාරත’ සමුළුව හැඳින්වේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments