Homeදේශීයඅවුරුදු 12 කදී ජනගහන වර්ධනය 6.9%යි

අවුරුදු 12 කදී ජනගහන වර්ධනය 6.9%යි

මෙරට මුළු ජනගහනය 21,763,170 ක්

2012 මාර්තු 20 වන දින සිට 2024 දෙසැම්බර් 19 වන දින දක්වා ශ්‍රී ලංකාවේ ජනගහනය 1,403,731 කින් වර්ධනය වී තිබෙනවා.

එය ප්‍රතිශතයක් ලෙස 6.9%ක් බවයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන්.

ඒ අනුව මෙරට මුළු ජනගහනය 21,763,170 ක් බවයි එම වාර්තාවේ සඳහන්.

එමෙන්ම සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය වන 0.5% බවත්, එය ඉතිහාසයේ අඩුම අගය බවත් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ පවත්වන ජන සංගණන මාලාවේ 15 වන සංගණනය වූ ” ජන හා නිවාස සංගණනය 2024″ හි ගණන් ගැනීමේ අදියර 2024 ඔක්තෝබර් මස සිට 2025 පෙබරවාරි දෙවන සතිය දක්වා සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ පළාත් අනුව ජනගහනය සැලකුවිට මුළු ජනගහනයෙන් 28.1% ක වැඩීම ජනගහනයක් බස්නාහිර පළාතේ පදිංචිව සිටින අතර, 5.3% ක් වූ අඩුම ජනගහනයක් පදිංචිව සිටිනුයේ උතුරු පළාතේය.

දිස්ත්‍රික්ක මට්ටමින් ජනගහන ව්‍යාප්තිය සැලකුව හොත් වැඩිම ජනගහනයක් ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින අතර එය 2,433,685 කි.

ඊළඟට වැඩිම ජනගහනයක් ඇති කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනය 2,374,461 කි.

මේ අනුව මිලියන 2 කට වැඩි ජනගහනයක් පදිංචිව සිටිනුයේ මෙම දිස්ත්‍රික්ක දෙකේ පමණි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments