Homeදේශීයතුර්කි තානාපති කාර්‍යාලය සංවිධානය කළ කලා තරග ජය ලැබූවන්ට තිළිණ

තුර්කි තානාපති කාර්‍යාලය සංවිධානය කළ කලා තරග ජය ලැබූවන්ට තිළිණ

තුර්කි තානාපති කාර්යාලය විසින් සංවිධානය කල රචනා සහ කලා තරඟ සඳහා සම්මාන ප්‍රදානය පසුගියදා කොළඹ මාලදිවයින සංස්කෘතික ශාලාවේදී පැවැත්වුණි. එය තුර්කි ජනරජයේ තානාපති සෙමිහ් ලුට්ෆු ටර්ගුට්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර තානාපතිවරයා තරඟයේ ජයග්‍රාහකයින්ට සුබ පැතීය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, පකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම් උල් අසීස් සහ මාලදිවයිනේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් යන මහත්වරුන් විසින් සිසුන්ට සහතික ප්‍රදානය කරන ලදී.

බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියාස්, හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, මුස්ලිම් සංවිධාන නියෝජිතයින්, තානාපති කාර්යාල නිලධාරීන් සහ විදුහල්පතිවරුන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments