Homeදේශීයසංගණන වාර්තාව නෑ. මහනුවර රිළව් දූපතකට

සංගණන වාර්තාව නෑ. මහනුවර රිළව් දූපතකට

මහනුවර දිස්ත්‍රික්කයේ වගා හානිකරන රිළවුන් අල්ලා දූපතකට මුදාහැරීමට තීරණය කර තිබෙනවා.

එම දිස්ත්‍රික්කයේ වගාවලට රිළවුන්ගෙන් සිදුවන හානි සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කරන ලද විශේෂ කමිටුව රැස් වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ තිබුණා.

එහිදී තීරණය වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ ජීවත්වන රිළවුන් රන්දෙණිගල ජලාශය මධ්‍යයේ පිහිටි අක්කර 200කට ආසන්න වපසරියකින් යුත් දූපතකට රැගෙනයාමටයි.

හේවාහැට ආසනයේ ගම්මාන 15ක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක මෙහි නියමු ව්‍යාපෘතිය සඳහා දැනටමත් රුපියල් මිලියන 10ක් වෙන්කර තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෙද්‍ය පීඨයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ප්‍රධානත්වය දරන අදාළ කමිටුවට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාවික හමුදාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව රැසක් එක් මෙම තීරණ ගෙන තිබුණා. වගා හානි සිදුකරන රිළවුන්, වඳුරන්, මොනරුන්, දඬුලේනන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ සංගණනයේ වාර්තාව අද දිනයේ එළිදැක්වීමට නියමිතව තිබුණද එය අද දිනයේ සිදුවූයේ නැත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments