Homeදේශීයපාර්ලිමේන්තුවේ පංච පුද්ගල කමිටුවක් පත් කෙරේ.

පාර්ලිමේන්තුවේ පංච පුද්ගල කමිටුවක් පත් කෙරේ.

පාර්ලිමේන්තුවේ කාරක සභාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ නීතිමය පදනම පිළිබඳව සොයාබලා එකී නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ මඟ පෙන්වීම පිණිස” පත්කළ පංච පුද්ගල කමිටුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

2025 ජනවාරි 23 වැනි දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එළඹි තීරණය පරිදි “පාර්ලිමේන්තුවේ කාරක සභාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ නීතිමය පදනම පිළිබඳව සොයාබලා එකී නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ මඟ පෙන්වීම පිණිස” පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතීත්වයෙන් යුත් සිව් පුද්ගල කමිටුවක් පත් කරන ලද අතර 2025.03.15 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එළඹි තීරණය පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඔෂානි උමංගා මහත්මිය ද එකී කමිටුවේ සාමාජිකයෙකු ලෙස නම් කළ බවත් කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක ,අජිත් පී. පෙරේරා, ඔෂානි උමංගා යන මහත්ම මහත්මීන් නම් කර ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments