Homeදේශීයදේශබන්දු ඉන්නේ ජනාධිපති දන්න තැනකද?

දේශබන්දු ඉන්නේ ජනාධිපති දන්න තැනකද?

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිටින්නෙ ජනාධිපතිවරයා දන්නා ස්ථානයක ද යන්න සර්ව ජන බලය පක්ෂයේ පත් කළ මන්ත්‍රි දිලිත් ජයවීර පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.

” මම කිව්වා බුද්ධි අංශ ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා. ආරක්ෂක කවුන්සිලයේ ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. තරහකට නෙමෙයි කිව්වෙ.මම විසඳුමකුත් කිව්වා ජාතික ආරක්ෂක උපදේශකයෙක් දාමු කියලා, පාක්ෂිකයෙක් හරි කමක් නැහැ.කිහිප දෙනෙක් ඉන්නවා මට නම් කරලා දෙන්නත් පුළුවන්. අපේ නියෝජ්‍ය ඇමැතිතුමා දන්නවා. ඉතින් අපිට උදව් කරන්න පුළුවන්.

නමුත් අපේ ජනාධිපතිතුමා කඩාගෙන ඇවිල්ලා කිව්වෙ මොකක්ද. ඔව් අලුත් තමයි අපි බලාගන්නම් ඒක ද මොකක්ද කියලා ගියා. එහෙම නෙමෙයි මේක වෙන්නට ඕන. මේක හොඳ සංවාදයකින් විසඳෙන්නට ඕන. අද හිටපු පොලිස්පතිතුමා හොයා ගන්න නැහැ. මම ඕක තමයි කිව්වේ. දැන් වෙලා තියෙන්නෙ බුද්ධි තොරතුරු රැස් කිරීමේ ප්‍රශ්නයක් නෙමෙයිද. එහෙම නැත්නම් අපේ ජනාධිපතිතුමා දන්න තැනක ද එතුමා ඉන්නෙ. එහෙම නැත්නම් බුද්ධි තොරතුරු ප්‍රශ්නයක් තියෙනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments