Homeදේශීය2025 අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 3ක් සවිබල ගැන්වේ

2025 අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 3ක් සවිබල ගැන්වේ

අඩුආදායම්ලාභීන්ට දිගුකාලීනව සහනාධාර ලබාදීම වෙනුවට ඔවුන් බහුතරයක් සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් අමාත්‍යාංශය කටයුතු කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අවස්ථාවේදීය.

මෙහිදී අමාත්‍යාංශයේ කාර්ය සහ අරමුණු කාරක සභාවට හදුන්වා දෙමින් නිලධාරීන් පෙන්වා දුන්නේ දැනට මිලියන 1.7 කට ආසන්න පිරිසක් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා බවත් ඉදිරි වසර 5ක කාලය තුළ ඉන් මිලියන 1.5ක් සවිබල ගැන්වීම අමාත්‍යාංශයේ අරමුණ බවයි. එ‍සේම 2025 වසරේදී අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 3ක ප්‍රමාණයක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව ද ඔවුහු පැවසූහ. තවද ජීවනෝපාය සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධන සහ සමාජ සුබසාධනය යන මානයන් ත්‍රිත්වය ඔස්සේ ආයතන 10ක්, අමාත්‍යාංශය යටතේ කටයුතු කරන බවත් ඔවුහු සඳහන් කළහ.

අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සදහා තෝරා ගැනීම මෙන්ම එය ලබාදීම මුදල් අමාත්‍යාංශය මගින් සිදුකරන බවත් එම ජනතාව ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන් හරහා අඩුආදායම් තත්ත්වයෙන් මුදවාගෙන සවිබල ගැන්වීම සඳහා තම අමාතයාංශය කැපවී කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. තවද මෙම මෙම අස්වැසුම දත්ත පද්ධතියේ අඩුපාඩු පවතින බැවින් එම දත්ත පද්ධතිය නැවත යාවත්කාලීන කිරීම සදහා මේ වන කමිටුවක් පත් කර ඇති බවත් ඒ අනුව කටයුතු සිදුකරන බවද අමාත්‍යවරයා අවධාරණය සඳහන් කළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments