Homeජාත්‍යන්තරඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල 58 වන සැසිවාරය අද සිට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල 58 වන සැසිවාරය අද සිට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පනස් අටවන සැසි වාරය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජය පත්වීමෙන් පසු පැවැත්වෙන පළමුවැනි මානව හිමිකම් සැසිවාරය මෙයයි.

මීට සහභාගිවීම සඳහා විදේශ අමාත්‍ය විජිත හේරත් ඇතුළු දූත පිරිසක් මෙවන විට ජිනීවා වෙත පිටත්ව ගොස් තිබේ.

මානව හිමිකම් සැසිවාරය අතරතුර ඊට සහභාගී වන රාජ්‍යතාන්ත්‍රිකයන් සමග සාකච්ඡා පැවැත්වීමට අමාත්‍යවරයා සැලසුම් කර ඇත.

පසුගිය සැසි වාරයට ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට විරෝධය පළකිරීමට රජය දැනටමත් තීරණය කර ඇතිි අතර ඒ සඳහා පසුගිය ඔක්තෝබර් හත්වැනි දා පැවති අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතියද හිමිව තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments