Homeදේශීයරජරට සරසවියේ කුලපති හිමි ඉල්ලා අස්වෙයි

රජරට සරසවියේ කුලපති හිමි ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පසුගිය 10 වනදා ස්වාමීන් වහන්සේ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස පත්කර තිබුණි.උන්වහන්සේ පත්කෙරෙන තුරු කුලපති ලෙස කටයුතු කරන ලද්දේ ආචාර්ය රුවන්වැලි මහ සෑ විහාරාධිපති ඊතලවැටුණවැවේ ඤාණතිලක ස්වාමීන්වහන්සේය.

ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් ජනාධිපති ලේකම් වෙත ලිපියක් යොමු කරමින් සිය ඉල්ලා අස්වීම දැනුම්දී ඇත.

තමන් වහන්සේ බාරගත් කුලපති ධුරය යම් පාර්ශ්වයක සිත් තැවුලකට හෝ බේදකාරී මත ගොඩනැගීමට, සංඝ සමගිය බිඳවැටීමට හේතු වන්නේ නම් එම තනතුරට වඩා අප අතර පවතින සංඝ සාමග්‍රිය උතුම් කොට සලකමි යනුවෙන් උන්වහන්සේ සිය ඉල්ලා අස්වීම් ලිපියේ දක්වා ඇති බව වාර්තා වෙයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments