Homeදේශීයසූර්‍යබල ශක්තිය නතර කරන්නේ නෑ

සූර්‍යබල ශක්තිය නතර කරන්නේ නෑ

ඇතැම් දේශපාලනඥයන් පවසන පරිදි සූර්ය බලශක්තිය මිලදී ගැනීම සීමා කිරීමට, අඩු කිරීමට හෝ නතර කිරීමට රජය අපේක්ෂා නොකරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.

සම්ප්‍රේෂණ පද්ධතිය විධිමත් කිරීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බව ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් පසුගියදා සිදුවූ ජාතික විදුලිබල පද්ධතිය කඩාවැටීමේ සිද්ධියෙන් පසුව ජාතික විදුලිබල පද්ධතියට සූර්යබලය සම්බන්ධ කිරීම නැවැත්වීමට රජය සැලසුම් කරන්නේදැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සූර්ය බලශක්තිය සීමා කිරීමට හෝ අඩු කිරීමට රජය බලාපොරොත්තු නොවන බවයි.

පුනර්ජනනීය බලශක්තිය සියයට 70කින් වැඩි කිරීම රජයේ ප්‍රතිපත්තිය බවත් එම ඉලක්කය සපුරා ගැනීමේදී සූර්ය බලශක්තිය ඉතා වැදගත් බවත් ඔහු පැවසීය.

පාර්ලිමේන්තු අසුනක්වත් දිනා ගැනීමට නොහැකි වූ ඇතැම් දේශපාලනඥයන් අසත්‍ය ප්‍රචාර පතුරවන බවත්, එවැනි කටකතාවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා ද ඔහු ප්‍රතික්ෂේප කළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments