Homeදේශීයකාන්තා නියෝජනය වැඩිකරගන්න හැටි කතා කරයි

කාන්තා නියෝජනය වැඩිකරගන්න හැටි කතා කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමේ රැස්වීමක් ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සහ සංසදයේ සභාපතිනිය වන කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

මෙහිදී පළාත් මට්ටමින් 25% ක කාන්තා නියෝජනයක් ලැබෙන ආකාරයෙන් කාන්තා නියෝජනය වැඩි කිරීමේ හැකියාව පිළිබඳව සංසදය විසින් සාකච්ඡා කරන ලදි. ඒ අනුව, ඉදිරි මැතිවරණයේදී එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට පවතින නීති සඳහා අවශ්‍ය සංශෝධන ගෙන ඒමේ අවශ්‍යතාවය පිළිබඳවද සංසදයේ අවධානය යොමු විය.

එසේම පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට කාන්තාවන් පත් කිරීම සම්බන්ධයෙන් සහ කාන්තා නියෝජනය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉල්ලා සිටීමට දේශපාලන පක්ෂ සහ පක්ෂ ලේකම්වරුන් හමුවීමට ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කළේය.

තවද රැකියා ස්ථානයේ ලිංගික හිංසන තුරන් කිරීම සහ ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (SGBV) තුරන් කිරීම වැනි කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මීට අමතරව මාර්තු 8 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ සැලසුම් පිළිබඳව ද සංසද‍යේ අවධානය යොමු විය.

මේ අවස්ථාව සඳහා සංසදයේ නියෝජ්‍ය සම සභාපතිනියන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ චමීන්ද්‍රානි කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලිී ගුණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ සාගරිකා අතාවුද, (ආචාර්ය) කෞශල්‍යා ආරියරත්න, ඔෂානි උමංගා, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, එම්.ඒ.සී. එස්. චතුරි ගංගානි, නිලුෂා ලක්මාලි ගමගේ, නීතිඥ තුෂාරි ජයසිංහ, ඒ. එම්. එම්. එම්. රත්වත්තේ, දීප්ති වාසලගේ, නීතිඥ හිරුණි විජේසිංහ, අම්බිකා සාමිවේල් සහ නීතිඥ ලක්මාලි හේමවන්ද්‍ර යන මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments