Homeදේශීයකථානායකගේ රියදුරන් දෙදෙනෙක් අල්ලස් කොමිසමට කැඳවයි.

කථානායකගේ රියදුරන් දෙදෙනෙක් අල්ලස් කොමිසමට කැඳවයි.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව ක්‍රියාත්මක වන දූෂණ හා අක්‍රමිකතා විමර්ශනයකට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කරන රියදුරන් දෙදෙනෙකුට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති විසිනි.

ඒ අනුව අදාළ රියදුරන් දෙදෙනා අද සහ හෙට දිනවලදී කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

පාර්ලිමේන්තුව සතු ‘NC 4923’ දරන වාහනය භාරගැනීම, එම රථය යොදවා සිදුකර ඇති නිල රාජකාරි, ධාවන සටහන්වල සාරාංශ මෙන්ම මෙම වසරේ ජනවාරි 07 වැනිදා එම රථය මුහුණදුන් රිය අනතුරට අදාළ සියලුම ලිපි ලේඛන රැගෙන කොමිසම හමුවට පැමිණෙන ලෙස එම රියදුරන්ට දැඩිව නියෝග කර ඇත.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව ආරම්භ කර ඇති මෙම පුළුල් විමර්ශනයට පාදක වී ඇත්තේ, පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න විසින් පසුගිය පෙබරවාරි 02 වැනිදා අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලකි.

කථානායක ධුරය සඳහා නිල වශයෙන් හිමිවන්නේ වාහන දෙකක් පමණක් වුවද, නිසි අනුමැතියකින් තොරව මාධ්‍ය අංශයක් පිහිටුවා ඊට පාර්ලිමේන්තුවේ වාහනයක් නීති විරෝධී ලෙස ලබාගෙන ඇති බවට චමින්ද කුලරත්න සිය පැමිණිල්ල මඟින් චෝදනා කර තිබේ.

කථානායකවරයාගේ කටයුතු සඳහා යොදවා තිබියදී අනතුරට ලක්වූ මෙම වාහනය අලුත්වැඩියා කිරීම වෙනුවෙන් රක්ෂණ වන්දියට අමතරව පාර්ලිමේන්තු අරමුදල් ද වැය කර ඇති බවට කරුණු හෙළිව ඇත.

මෙම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම මීට පෙර පාර්ලිමේන්තු ප්‍රවාහන අංශයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන්ම දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments