ලංකා සම සමාජ පක්ෂයේ නායක සහ හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.
ඒ මහතා මියයන විට 91 වන වියෙහි පසුවිය.
ඒ මහතා මියයාමට මත්තෙන් අවසන් වරට සහභාගී වූ වැඩසටහන බවට පත්ව ඇත්තේ පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කතිකාවතකට බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, අමාත්‍යවරයෙකු මෙන්ම ආණ්ඩුකාර ධුරයක් හොබවා ඇති ඒ මහතා ලේඛකයෙකු, විචාරකයෙකු, ශාස්ත්‍රීය පර්යේෂකයෙකු ද වේ.



