Homeදේශීයසංචාරක කේෂ්ත්‍රය ගැන රජයේ විශේෂ අවධානය

සංචාරක කේෂ්ත්‍රය ගැන රජයේ විශේෂ අවධානය

සංචාරකයින් හට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් දැඩි නීත්‍යානුකූලව පියවර ගැනීම සඳහා අදාළ සියලු ආයතන වෙත රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව සංචාරක අමාත්‍යංශය සඳහන් කරයි.

මෙලෙස සදහන් කරන්නේ මාතර වැලිගම සංචාරක කලාපයේ දිය මත ලිස්සා යෑමේ ක්‍රීඩාව පුහුණු කිරීම සිදුකරන ආයතන පරිශ්‍රයකදී එහි සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු විසින් විදේශිකයකු හට කරන ලද පහර දීමක් සම්බන්ධයෙන් JOSEPH JAMES WEBER හෙවත් THE LOST JOEY නම් යු ටියුබ් නාලිකාවේ හිමිකාර පිලිපීන ජාතිකයකු විසින් කරන ලද පටිගත කිරීමක් පසුගිය 24 වනදා සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර තිබීම සහ එම සිද්ධියට අදාළ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. ශ්‍රී ලාංකීය සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත්ව සංවර්ධනය කරා ගෙන යෑමට රජය සහ ඒ හා සම්බන්ධ සියලු පාර්ශව සිදුකරන දැඩි කැපවීම් අනර්ථකාරී තත්ත්වයට පත් කිරීමටත් රටේ කීර්ති නාමය විනාශය කිරීමට යත්න දරන ඕනෑම තැනැත්තකුට එරෙහිව දඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතන වෙත රජය සියලු බලතල ලබා දී තිබේ. මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට ඇතැම් අවස්ථා වලදී විවිධ පුද්ගලයින් විසින් සිදු කරනු ලබන පහරදීම් ඇතුළු ඔවුනට මුහුණපෑමට සිදු වන ගැටළු සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත වාර්තා වන පැමිණිලි හෝ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් කඩිනමින් ක්‍රියාමාර්ග ගෙන සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. එබැවින් පෙර සිදුවීම් නැවත නැවත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය කරවීමට කටයුතු කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් රට අපකීර්තියට පත් කිරීමට හෝ වෙනත් අරමුණකින් එසේ සිදු කරන්නේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඔවුන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments