Homeදේශීයනවසීලන්ත නියෝජ්‍ය අගමැති ශ්‍රීලංකාවේ

නවසීලන්ත නියෝජ්‍ය අගමැති ශ්‍රීලංකාවේ

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ වින්ස්ටන් පීටර්ස් මහතා ලබන 28 වැනිදා දක්වා මෙරට රැඳීසිටින බවයි.

මෙම සංචාරය අතරතුරදී නවසීලන්ත නියෝජය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සමග මෙන්ම අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, වින්ස්ටන් පීටර්ස් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමග වෙළඳ හා ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතාවය, සංචාරක සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගිතාව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති බවයි.

නියෝජ්‍ය අගමැතිවරයා සමග නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු තිදෙනක් ද මෙම සංචාරයට සහභාගී වෙති.

RELATED ARTICLES

Most Popular

Recent Comments