Homeජාත්‍යන්තරඅමෙරිකාව සමඟ සාකච්ඡා සාර්ථකයි

අමෙරිකාව සමඟ සාකච්ඡා සාර්ථකයි

තීරු බදු ගැටලුව පිළිබඳ අමෙරිකානු වෙළද නියෝජිතායනතයේ ප්‍රධානීන් හා ශ්‍රී ලංකා නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබෙනවා.

ඒ අමෙරිකාවේ වොෂින්ටන්හිදීයී.

ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වෙළඳ අමාත්‍යංශයේ ලේකම්වරයා , අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහභාගි වි තිබුණා.

අමෙරිකාව පාර්ශ්වයෙන් ඒ සඳහා සහභාගී වූයේ අමෙරිකානු වෙළද නියෝජිතායනතයේ ප්‍රධානියා ඇතුළු නිලධාරීන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත්තේ සාකච්ඡාව ඵලදායි ලෙස අවසන් වී ඇති බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments