Homeදේශීයපොල් කෑම ලක්ෂ 30කින් අඩුවෙලා

පොල් කෑම ලක්ෂ 30කින් අඩුවෙලා

පොල් ඵලදාව අඩුවීම සහ ඊට සමගාමීව පොල් මිල ශීඝ්‍රයෙන් ඉහළයාම හේතුවෙන් වර්තමානයේ මෙරට එක් දිනක පොල් පරිභෝජනය පොල් ගෙඩි ලක්ෂ 20කින් පමණ අඩුවී තිබේ.

මෙරට එක් දිනක පොල් පරිභෝජනය ගෙඩි ලක්ෂ 50 ක් වුවත්, වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය මත දෛනික පොල් පරිභෝජනය ගෙඩි ලක්ෂ 30 දක්වා අඩුවී ඇතැයි ශ්‍රී ලංකා පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.

මෙරට තුළ පොල් ගස් ලක්ෂ 600 ත් 650 ත් අතර පවතින බවත්, ඉන් හිමිවන වාර්ෂික පොල් ඵලදාව පොල් ගෙඩි මිලියන 3000 ඉක්මවන බවද පොල් සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

මෙරට එක් පුද්ගලයකු වසරක් තුළදී පොල් ගෙඩි 100 ක් සහ පොල් තෙල් බෝතල් 10 ක් පරිභෝජනය කරන බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඉකුත් 2024 වසරේදී පොල් අපනයනයෙන් ලබා ඇති විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 856.79 ක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

වසර කිහිපයක් තිස්සේ පොහොර නොයෙදීම, සුදු මැස්සා, මයිටාවා සහ රතු හා කළු කුරුමිණි උවදුරු, පසුගිය වසරේ ඇතිවූ අධික වැසි නිසා පරාගනයට බාධා සිදුවීම, වන සතුන්ගෙන් වන හානි උග්‍රවීම යන හේතූන් නිසා පොල් නිෂ්පාදනය පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා පොල් සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්‌යේෂණ) එම්. එම්. පුෂ්පකාන්ත පවසයි.

වන සත්වයින්ගෙන් වන හානි හේතුවෙන් වසරකට පොල් ගෙඩි මිලියන 500 ක් පමණ ප්‍රයෝජනයට ගැනීමට නොහැකිව ඉවත දැමීමට සිදුව ඇතැයි ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments