Homeදේශීයවිරෝධතා - නව පත්කිරීම් අතරේ ලසන්ත

විරෝධතා – නව පත්කිරීම් අතරේ ලසන්ත

රටේ මුල් පුටුවේ අසුන් ගැනීමට සහාය දැක්වු විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ බලපෑම නිසා අපරාධ චූදිත හමුදා පොලිස් සාමාජිකයන් නිදහස් කර යැවීමට ජනාධිපතිවරයා පියවර ගනිමින් සිටින්නේද යන ප්‍රශ්නය මතුවී තිබේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ චූදිතයන් නිදහස් කිරීමට නීතිපති ගත් තීන්දුව ජනාධිපතිවරයාගෙන් ලත් නිර්දේශ කිරීමක් මත සිදුවුවක් දැයි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සැක පළ කරයි.

“රටේ සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස චෝදනා ලැබ ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් එම චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කිරීමට ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහයෝගය දැක්වු විශ්‍රාමික ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සංගම් විසින් කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් ලත් නිර්දේශ කිරීමක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නගමින් පවතින්නේද යන සැකය මේ මොහොතේ සමාජය තුළ මතුව තිබීම ඉතා බරපතල තත්වයකි.”

මේ අතර ලසන්ත ඝාතන නඩුවේ සැකකරුවන් මුදා හැරීමට නීතිපති  නිර්දේශ කිරීමට විරෝධය පාමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ‘අපරාධකරුවන් රකින නීතිපති ගෙදර යනු, ලසන්තගෙ නඩුවේ සැකකරුවන් නිදහස් කළ ආකාරය හෙළිකරනු’ යන ඉල්ලීම් පෙරටු කර ගනිමින් පෙබරවාරි 06 වැනි බ්‍රහස්පතින්දා දහවල් 12 ට නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී විරෝධතාවයක් දියත් කිරීමටත් කටයුතු සුදානම් කර තිබේ.

මෙවන් පසුබිමක නිව්යෝර්ක් හි  පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකා නිත්‍ය නියෝජිත කාර්‍යාලයේ මිනිස්ටර් කවුන්සිලර් තනතුරට අභාවප්‍රාප්ත මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිද වන මාධ්‍යවේදී සොනාලි සමරසිංහ පත් කිරීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තාවේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments