ලොව පුරා සමරනු ලබන ‘11.11’ හෙවත් ලෝක තනිකඩයින්ගේ දිනය (Singles’ Day) (11) යෙදී තිබේ.
නොවැම්බර් 11 වන දින පවතින ‘1’ අංක හතර තනිකඩ බව සංකේතවත් කරන බැවින් මෙම දිනය තනිකඩයින්ගේ දිනය ලෙස නම් කර ඇති අතර, එය 1990 දශකයේදී චීනයේ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් ආරම්භ කරන ලද්දකි.
තමන්ගේ තනිකඩ බව සමරමින් තමන්ටම තෑගි බෝග ලබාගැනීමේ සංකල්පය පදනම් කරගනිමින් ආරම්භ වූ මෙම දිනය, මේ වන විට ලොව පුරා ප්‍රසිද්ධියට පත් තනිකඩයින්ගේ විශේෂ සැමරුම් දිනයක් බවට පත්ව තිබේ.



