Homeදේශීයගිණි අවි සමඟ අත්අඩංගුවට ගත්තේ හර්ෂණගේ සහෝදරයෙක්ද?

ගිණි අවි සමඟ අත්අඩංගුවට ගත්තේ හර්ෂණගේ සහෝදරයෙක්ද?

මාධ්‍ය හරහා ප්‍රචාරය වන ප්‍රවෘත්තියක් හරහා තමාගේ නම අවභාවිතවීම පිළිබඳ මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගෙන් මාධ්‍ය වෙත ලිපියක්

2026.10.18

සියළුම විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය නාලිකා වෙත.

මාගේ නම සම්බන්ධ කර ගනිමින් සිදු කරන ප්‍රවෘත්ති වාර්තාවක් සම්බන්ධවයි.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ගිණි අවි සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයකු සහ මා අතර සබඳතාවක් හැඟවෙන ආකාරයෙන්, රජයට සම්බන්ධ පුවත් පත් ආයතනයක සමාජ මාධ්‍ය ගිණුමක ඇතුළු මාධ්‍ය කිහිපයක පුවතක් පළ කර ඇති ආකාරය මා නිරීක්ෂණය කළෙමි.

පළමුවෙන්ම මට කීමට ඇත්තේ සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා මා වීම නිසා මට සහෝදරයින් කිසිවෙකු නොමැති බවයි.

එමෙන්ම පෙළපත් නාමය සහිත ඕනෑම අයෙකු සිදුකරන වරදක් එම පෙළපත් නාමය හිමි සෑම අයෙකුටම අදාළද යන්න මා මෙවැනි ප්‍රවෘත්ති පළ කරන මාධ්‍ය ආයතන වලින් විමසා සිටිමි.

වසර 11 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන මා කිසිදු දිනෙක මන්ත්‍රීවරුන්ට ලබාදෙන ගිණි අවිය හෝ ලබාගෙන නොමැති අතර මාගේ පියා වූ දිවංගත සරත් චන්ද්‍ර රාජකරුණා මහතාද කිසිදු දිනෙක ගිණි අවියක් සන්තකයේ තබාගෙන නොමැති බව අවධාරණය කරමි.

එවැනි තත්ත්වයක් හමුවේ දේශපාලන වශයෙන් මාගේ චරිතයට අවමන් කිරීම අරමුණු කර ගනිමින්, මට අදාළත්වයක් නොමැති එම සිදුවීම වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය ආයතන මාගේ නමද ඊට ඈඳා ඇති බව පැහැදිලිව පෙනේ.

ඒ අනුව මගේ නමට කැළලක් සිදු කිරීමේ අරමුණින් අදාළ ප්‍රවෘත්තිය වාර්තා කළ මාධ්‍ය ආයතන පිළිබඳ ඉදිරියේදී නීතිමය පියවර ගැනීම පිළිබඳ මා නීතිඥවරුන්ට උපදෙස් ලබාදුන් බවද ප්‍රකාශ කරමි.

තවද රජයේ බංකොලොත්භාවය වසා ගැනීමත්, සමාජයෙන් එල්ලවන පීඩනය සහ ජනතාවගේ මතය වෙනතකට යොමු කිරීමත් අරමුණු කර ගනිමින් මාලිමා ආණ්ඩුව සිදුකරන මෙවැනි පහත් ක්‍රියා හෙළා දකින බවද අවධාරණය කරමි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments