Homeදේශීයඅගවිනිසුරු උපන් දිනය ගැන බරපතළ ප්‍රශ්නයක්? 12-01ද 01-12ද

අගවිනිසුරු උපන් දිනය ගැන බරපතළ ප්‍රශ්නයක්? 12-01ද 01-12ද

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රකාවක් සකස් කිරීමට උපදෙස් ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඒ අනුව, අදාළ කැබිනට් පත්‍රකාව සකස් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කරයි.හෙට දින පැවත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡාවට ලක්වනු ඇතැයි වාර්තා වෙයි.

මෙවන් පසුබිමක වත්මන් අගවිනිසුරුවරයාගේ වයස සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් ඇතිව තිබෙන බව සඳහන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවා නොමඟ යවමින් මෙය සිදුකර ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ 49 වන අගවිනිසුරු වන ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නිශ්චිත උපන් දිනය සහ නිශ්චිත වයස පිළිබඳව ප්‍රසිද්ධ හා අභිලේඛනගත තොරතුරු මෙරට ප්‍රධාන මූලාශ්‍රවල සටහන්ව නොමැත.

ලෙස අන්තර්ජාලයේ සිදුකරන පරීක්ෂාවන් වලදී පිළිතුරු ලෙස ලැබේ.

ඉදිරි සතිය තුළ මේ පිළිබඳව විශේෂිත පුළුල් සංවාදයක් සමාජය තුළ ගොඩනැගෙනු ඇතැයි දේශපාලන විචාරකයන්ගේ මතයයි.

අවසානයේ හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ උපාධි සහතිකය මෙන් මෙම ප්‍රශ්නයද උභතෝකෝටිකයක් ලෙස සමාජය ඉදිරියේ දිග හැරුණොත් සිදුවිය හැක්කේ කුමක්ද?

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments