රජය සතු ව්‍යාපාර ආයතනවල අභ්‍යන්තර විගණනය සහ මූල්‍ය අධීක්ෂණය ශක්තිමත් කිරීම පිළිබඳව කෝප් කමිටුව විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ (UNDP) අනුග්‍රහයෙන් සංවිධානය කළ වැඩමුළුවක් අමතමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා, රජය සතු ව්‍යපාර ක්ෂේත්රයේ පවතින අසංවිධිත බව ඉවත් කිරීම සඳහා ක්‍රියාකාරී මැදිහත්වීමක් සිදුකළ යුතු බවත් රාජ්‍යයට වග කියන නිලධාරීන් ලෙස ඉහළ කාර්ය සාධනයක් පෙන්වීම අපේක්ෂා කරන බවත් පෙන්වා දුන්නේය.
සියලු රජය සතු ව්‍යාපාර ප්‍රධානීන් මීට පෙර කැඳවා සාර්ථක වැඩමුළුවක් පැවැත්වීමට හැකිවූ බව සඳහන් කළ කෝප් කමිටු සභාපතිවරයා, මූල්‍ය විනය සහ අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙලෙස සියලු ආයතනවල අභ්‍යන්තර විගණන නිලධාරීන් සහ මූල්‍ය ප්‍රධානීන් කැඳවා දැනුවත් කිරීමක් සිදු කිරීමට තීරණය කළ බවත් පවසා සිටියේය.
එසේම රජය සතු ව්‍යාපාර ආයතන 457ක් පවතින නිසා එම සියලු ආයතන කෝප් කමිටුවට කැඳවීම ප්‍රායෝගිකව අපහසු බැවින් එම ආයතනවල කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් සකස් කිරීමට අපේක්ෂා කරන බවත් කෝප් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
“රාජ්‍ය විගණනය සහ රාජ්‍ය ආයතනවල කාර්යභාර්ය, වගකීම් හා සහයෝගීතාව පිළිබඳ විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය මෙහිදී සිය දේශනය ඉදිරිපත් කළාය. රජය සතු ආයතනයන්හි අරමුදල්වල හිමිකරුවන් මහජනතාව බැවින් ඒවා මහජනතාව වෙනුවෙන් නිසි පරිදි කළමනාකරණය කළ යුතු බවත් ඒ සඳහා නිසි මූල්‍ය විනයක් සහ අභ්‍යන්තර විගණනයක් පවත්වා ගනිමින් රාජ්‍ය විගණනයට සහය ලබාදිය යුතු බවත් ඇය පෙන්වා දුන්නාය.



