Homeදේශීයබූලිවලට තෙල් දුන්නොත් ලයිසන් කැන්සල්.

බූලිවලට තෙල් දුන්නොත් ලයිසන් කැන්සල්.

බූලිවලට තෙල් නිකුත් කළහොත් ඉන්ධන හල්වල බලපත්‍ර අහෝසි කරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පවසයි.

බූලිවලට ඉන්ධන එකතු කිරීමක් දුටුවහොත් වහාම පොලිසිය දැනුවත් කරන ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ජනමාධ්‍ය හමුවක් අමතමින් සභාපතිවරයා මේ බව කීය.

“බලපත්‍රයක් නොමැතිව නිවෙස්වල ඉන්ධන තබා ගන්න හැකියාවක් නැහැ. එය ඉතා අන්තරායකාරීයි. එලෙස කවුරුන් හෝ තෙල් රැස්කරනවා නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. එවැනි පුද්ගලයන් හතරදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා” යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments