Homeදේශීයමහජන හඬ සහ ඉන්දීය මහකොමසාරිස් හදිසියේ රනිල් හමුවෙයි

මහජන හඬ සහ ඉන්දීය මහකොමසාරිස් හදිසියේ රනිල් හමුවෙයි

මහජන හඬ ව්‍යාපාරයේ නියෝජිතයන් පිරිසක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවක නිරතවිය.

කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී පැවති මෙම සාකච්ජාවට මහජන හඬ ව්‍යාපාරය නියෝජනය කරමින් මහාචාර්ය ජී. එල්. පීරිස්, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරුන් ද ප්‍රේම්නාත් සී. දොලවත්ත, අසංක නවරත්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද විපක්ෂයේ ක්‍රියාකාරී පක්ෂ නායකයකු වන සුගීෂ්වර බණ්ඩාර ද සහභාගී වී සිටියේය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි සභාපති වජිර අබේවර්ධන, මහලේකම් තලතා අතුකෝරල, ජාතික සංවිධායක සාගල රත්නායක ද එක්විය.

ඉදිරියේදී විපක්ෂ බලවේගයක් ලෙස එක්ව කටයුතු කිරීම ඇතුලු කරුණු ගණනාවක් එහිදී සාකච්ඡාවට බඳුන් වූ බව වාර්තා වේ.

බාල ගල්අඟුරු සිද්ධිය, පාතාල ඝාතන සහ ගෑස් ගැටලුව සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයි පැවසේ.

‘මහජන හඬ’ සංවිධානයේ නායකයන් මීට පෙරාතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ද හමුවී සාකච්ඡා පවත්වා තිබිණ.

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha)
අතර විශේෂ හමුවක්ද කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ, ආර්ථික ,දේශපාලන තත්ත්වයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවට වාර්තා වේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments