අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය දැඩිව හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ඒ. ගල්හේනගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත්කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවමත් විමර්ශන මට්ටමේ පැවතියද, මෙවැනි ප්රහාරයන් රටේ නීතියේ ආධිපත්‍යයට එල්ල වන බරපතල තර්ජනයක් බව නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ.
මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙසත්, ඒ සඳහා විධිමත් සහ කඩිනම් පොලිස් පරීක්ෂණයක් පවත්වන ලෙසත් සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.



