Homeදේශීයනිදහස් දිනට පෙරදින අතගැසූ අලුත් වැඩක්

නිදහස් දිනට පෙරදින අතගැසූ අලුත් වැඩක්

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අරමුණු කරගත් පර්යේෂණාත්මක ව්‍යාපෘතියක සමාරම්භක උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන දේශනය මහාචාර්ය දීපිකා උඩගම විසින් සිදු කරන ලදී.

මෙරට ව්‍යවස්ථා සම්පාදන ක්ෂේත්‍රයේ විද්වත් මඩුල්ලකගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය සඳහා පහසුකම් සපයනු ලබන්නේ දේශපාලන පක්ෂ අතර ජාතික ප්‍රතිපත්ති පිළිබඳ එකඟතා ගොඩනැඟීම වෙනුවෙන් පෙනී සිටින “වන් ටෙක්ස්ට්” (One Text) ආයතනය මඟිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය විය යුතු කරුණු හඳුනා ගනිමින් නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට අදාළ මූලික සාකච්ඡාව සඳහා විවිධ දේශපාලන හා නීතිමය මතවාද නියෝජනය කරන ප්‍රවීණයන් පිරිසක් එක්වූහ.
එහිදී උදය ගම්මන්පිල රාජ්‍යය හා ස්වෛරීභාවය පිළිබඳවත්, ආචාර්ය කේ. ගුරුපරන් සමානාත්මතාවය හා සුළුතර අයිතිවාසිකම් පිළිබඳවත්, නිසාම් කාරියප්පර් බහුත්වවාදය හා ප්‍රජා නියෝජනය පිළිබඳවත් සිය අදහස් ඉදිරිපත් කළහ.

එසේම ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සංවරණ හා තුලන ක්‍රමවේද පිළිබඳව අවධානය යොමු කළ අතර ආචාර්ය රමේෂ් රාමසාමි දේශපාලන ආයතන සහ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණයක් සිදු කරන ලදී.

මේ වන විටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවල අන්තර්ගතය පිළිබඳ විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර ඇති අතර මෙම ව්‍යාපෘතිය හරහා මෙරට පාලන ව්‍යුහයේ ගුණාත්මක වෙනසක් සිදුකිරීම අපේක්ෂා කෙරේ.

මීට සමගාමීව මෙම වැඩපිළිවෙළ පිලිබඳව තවත් සංවාදයක්ද සිදුකෙරිණි.එය මෙහෙයවන ලද්දේ මාධ්‍යවේදි ශාන් විජේතුංග විසින්.ඊට මාධ්‍යවේදි මාලිංග සෙනවිරත්න,කථිකාචාර්ය ධම්ම දිසනායක,නීතිඥ සුදර්ශන ගුණවර්ධන සහ නීතිඥ කේ.ඩබ්ලිව්.ජනරංජන සහභාගි විය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments