Homeදේශීය78 වැනි නිදහස් දිනයට පෙරදින එන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

78 වැනි නිදහස් දිනයට පෙරදින එන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සංවාද ක්‍රියාවලිය දියත් කිරීමේ විශේෂ අවස්ථාව හෙට දින සිදුකෙරේ.

ශ්‍රීලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වූ ක්‍රියාවලියක් onetext ආයතනය විසින් සිදුකරනු ලබයි.

එහි ප්‍රධානතම අවස්ථාව ලෙස මෙම වැඩසටහන හෙට සවස 4ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වේ.

මෙහි ප්‍රධාන දේශනය මහාචාර්ය දීපිකා උඩගම විසින් සිදුකෙරේ.

සංවාද සභාව සඳහා ජනාධිපති නීතිඥ ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න,ආචාර්‍ය කුමාරවඩිවේල් ගුරුපරන්,හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල,පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් සහ ආචාර්‍ය රමේෂ් රාමසාමි යන මහත්වරුන් සහභාගී වේ.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිවරු පස්දෙනාම සහ වත්මන් අග්‍රාමාත්‍යවරිය ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් රැසක් සහභාගී වීමට නියමිතය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments