Homeජාත්‍යන්තරමෝදි ඉන්දියා - අරාබි විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට එක්වෙයි.

මෝදි ඉන්දියා – අරාබි විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට එක්වෙයි.

නවදිල්ලියේදී පැවැති දෙවන ඉන්දියා – අරාබි විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්ව තිබේ.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අරාබි විදේශ අමාත්‍යවරුන් හමුව ඇති අතර එහිදී පලස්තීනුවන්ට සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සාම සැලැස්මට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවද අවධාරණය කර ඇත.

කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා වන උත්සාහයන්ට සහාය දැක්වීමේදී අරාබි ලීගයේ කාර්යභාරය පිළිබඳවද අග්‍රමාත්‍යවරයා මෙහිදි සිය කෘතඥතාව කළ කර තිබේ.

මේ පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ විදේශ අමාත්‍යවරුන් සහ අරාබි රාජ්‍ය සංගමයේ නියෝජිතයින් පිළිගැනීම සම්බන්ධව තමන් සතුටු වන බවය.

එමෙන්ම සාමය, ප්‍රගතිය සහ ස්ථාවරතා පිළිබඳව පොදු කටයුතුවලදී එකට බැඳී කටයුතු කරන බවත් තාක්ෂණය, බලශක්තිය, වෙළඳාම සහ නවෝත්පාදන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම නව ක්ෂිතිජයන් විවෘත කරන බවත් ඔවුන්ගේ හවුල්කාරිත්වය ඊටත් වඩා උසකට ඔසවා තබනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ X සටහනේ සඳහන්ව තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments