Homeදේශීයආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නව සිවිල් සාමාජිකයන් තිදෙනා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නව සිවිල් සාමාජිකයන් තිදෙනා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නව සිවිල් සාමාජිකයන් තිදෙනා ලෙස මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න, රංජිත් ආරියරත්න සහ
ඔස්ටින් ප්‍රනාන්දු පත් කිරීමට අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තාවෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් ලෙස සේවය කළ වෛද්‍ය අනුලා විජයසුන්දර, ආචාර්ය ප්‍රතාප් රාමනුජම් සහ මහාචාර්ය දිනේෂා සමරරත්න යන තිදෙනාගේ නිල කාලය පසුගිය 16 වැනිදා අවසන් වීමෙන් පසු එම තනතුරු පුරප්පාඩු විය. ඒ අනුව නව සාමාජිකයන් පත් කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡා ආරම්භ විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සාමාජිකයන් පත් කරනු ලැබිය යුතු වන්නේ අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟත්වය අනුව කතානායකවරයා විසිනි.

මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ රාජ්‍ය නීතිය හා ජාත්‍යන්තර නීතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක ලෙස සේවය කරන්නීය. එසේම ඇය කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ප්‍රමුඛ පර්යේෂණ ආයතනයක් වන මානව හිමිකම් අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරිය ද වෙයි.

රංජිත් ආරියරත්න ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන අතර අමාත්‍යාංශ රැසක ලේකම් ධූර දැරූ කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකි.

ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම් ධූරය, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය ඇතුළු රාජ්‍ය සේවයේ උසස් වගකීම් තනතුරු රැසක් දරා ඇත්තෙකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සාමාජිකයන් දස දෙනකුගෙන් යුක්ත වේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments