නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා වූ බහු පාර්ශ්වීය සාකච්ඡාවක් කොළඹ ජානකී හෝටලයේදී පැවැත්විණි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින්, නීති විශාරදයින්, ව්‍යවස්ථා විශාරදයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම බහු පාර්ශ්වීය සාකච්ඡාව සංවිධානය කරන ලද්දේ onetext initiative ආයතනය විසිනි.
මෙම අවස්ථාවට රජය පාර්ශ්වයෙන් ආරාධනා කර තිබූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අමාත්‍යවරුන් වන බිමල් රත්නායක සහ හර්ෂන නානායක්කාර සහභාගී වී නොසිටීම විශේෂත්වයක්.
ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයෙකු වන අධි නීතිඥ ලාල් විජේනායක සහභාගි වී සිටියේය.
මෙම ක්‍රියාවලිය සඳහා ආණ්ඩු පාර්ශවයේ නියෝජිතයින් කැඳවා ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගත යුතු බවත්, ඔවුන් එසේ සම්බන්ධ නොවුවද මෙම ක්‍රියාදාමය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන ගොස් එය රජයට ඉදිරිපත් කළ හැකි බවත් සහභාගි වූ සියලු පාර්ශ්ව පවසන ලදී.
යම් හෙයකින් ආණ්ඩුව විසින් සාධනීය ආකාරයකින් නව ආණ්ඩුක්‍රම අවස්ථාවක් සම්පාදනය කරනු ලැබුවහොත් ජාතික යුතුකමක් සේ ඊට සහාය දක්වනවා සේම, රටට පිළිගත නොහැකි ආකාරයේ ව්‍යවස්ථාවක් සම්පාදනය වුවහොත් ඊට එරෙහිව සියලු පාර්ශව ඒකාබද්ධ ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ විය යුතු බවටත් මෙම සාකච්ඡාවේදී එකඟතාවයට පත් වූහ.




