2025 වසරේ ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ මාස නමයක කාලය තුළ දී මෙරට සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 56,992 දක්වා පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වනවා.
2024 වර්ෂයේ මුල් මාස නමය තුළ සීනි මෙට්‍රික්ටොන් 74,970ක් නිෂ්පාදනය කර තිබුණා.
ඒ අනුව, 2024 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂය තුළ සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 17,978කින් පහත වැටි තිබෙනවා.
කෙසේ වුවද, පසුගිය වර්ෂයේ (2025) ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ මාස නමයක කාලය තුළ මෙරටට සීනි මෙට්‍රික්ටොන් 556,359ක් ආනයනය කර තිබුණා.
2024 වර්ෂයේ මෙම කාලසීමාව තුළ දී ආනයනය කොට ඇත්තේ, සිනී මෙට්‍රික්ටොන් 470,166ක් බව ද මහ බැංකු වාර්තාවේ සදහන් වනවා.



