රජයේ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම්වලට වහා විසඳුම් නොදෙන්නේ නම් ලබන 23 වැනිදායින් පසුව දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවැසීය.
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව ඉකුත් 13 වැනිදා ගත් තීරණයට අනුව ප්‍රශ්න විසඳීම සඳහා දින දහයක කාලයක් ලබාදීමටත්, නිසි ප්‍රතිචාරයක් නොමැති නම් යළි වර්ජන ක්‍රියාමාර්ගයකට යාමට අදාළ තීන්දුවක් ගැනීමටත් එකඟතාව හිමිවූ බවද ඔහු කියා සිටියේය.
වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලමින් වරින් වර ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ග දිට්වා විපතත් සමග නතර කළ බවද ඔහු පැවැසීය.
සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග පැවැති සාකච්ඡාවේදී ලිඛිතව ලබාදුන් පොරොන්දු ඉටු කළ යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඒ අනුව සියලු කාණ්ඩවල වෛද්‍යවරුන්ට ‘ශ්‍රී ලංකා වෛද්‍ය සේවය’ නමින් සුවිශේෂී සේවා කාණ්ඩයක් ඇති කිරීම, වෛද්‍යවරුන්ට ඩැට් (DAT) දීමනාව යාවත්කාලීන කිරීම, ප්‍රවාහන ගැටලු විසඳීම, අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් කිරීම ආදී ඉල්ලීම් මුල් කරගෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය යළි ආරම්භ කිරීමට නියමිතය.



