එදා මෙදා තුර ඉතිහාසයේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් වැඩිම ප්‍රේෂණ ප්‍රමාණයක් මව් රටට එවා ඇති වසර 2025 වසර බව වාර්තා වේ.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් 2025 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 7.8 ක මුදලක් එවා තිබේ.
සංචාරක කර්මාන්තයෙන් ඉතිහාසයේ ඉහළම ආදායම 2025 වසරේ දී උපයා ඇති බව සංචාරක සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා පවසන ආකාරයට, 2025 වසරේ දී විදේශීය සංචාරකයන් විසිතුන් ලක්ෂ හැට දෙදහසක පිරිසක් දිවයිනට පැමිණ තිබෙන අතර, ඉන් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3.2 කි.



