Homeදේශීයඑක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්ම මත පිහිටා කටයුතු කරන්න ශ්‍රී ලංකා රජය අවධාරණය...

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්ම මත පිහිටා කටයුතු කරන්න ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි

එක්සත් ජනපදය විසින් වෙනිසියුලාව ආක්‍රමණය කිරීම ශ්‍රී ලංකාව හෙලා දකියි.

පසුගියදා එක්සත් ජනපද හමුදා භට පිරිස් බලහත්කාරයෙන් වෙනිසියුලාවට කඩා වැදී තිබුණු අතර, ඔවුන්, එරට ජනාධිපති මධුරෝ සහ ඔහුගේ බිරිද, පැහැර ගැනීමකටද ලක් කළේ ය.
මේ වන විට වෙනිසියුලානු ජනාධිපතිවරයා, අත්අඩංගුවට ගන ලැබූ සිරකරුවකු ලෙස, එක්සත් ජනපදය තුළ සිටියි.

වෙනිසියුලාව තුළ වර්ධනය වෙමින් පවතින මෙම තත්ත්වය පිළිබදව ශ්‍රී ලංකාව සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබේ.

මෙම අර්බුදයේ දී, ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති මූලධර්ම මත පිහිටා කටයුතු කිරීම ශ්‍රී ලංකා රජය අවධාරණය කර සිටියි.

ආරවුල් විසදා ගැනීම සදහා ආක්‍රමණශීලී නොවන සාමකාමී මාර්ග සොයා ගත යුතු බව ශ්‍රී ලංකා රජය නිකුත්කර තිබෙන නිවේදනයේ වැඩිදුරටත් සදහන් ය.

අවසානයේ දී, සාමකාමී විසදුමකට එළැඹීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ අනෙකුත් සියළු සංවිධාන කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවද ශ්‍රී ලංකා රජය නිකුත් කර තිබෙන නිවේදනයේ සදහන්ය.

මෙම නිවේදනයට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අත්සන් තබා තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments