Homeදේශීයඑජාප - සජබ හිටපු මන්ත්‍රීවරු හෙට සජිත් හමුවෙයි

එජාප – සජබ හිටපු මන්ත්‍රීවරු හෙට සජිත් හමුවෙයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඇතුල්කෝට්ටේ පක්ෂ මූලස්ථානයේදී හෙට සඳුදා (සැප්. 8) පැවැත්වෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක පැවසීය.

ඒ අනුව, සජබ හා එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සජිත් ප්‍රේමදාස විසින් පක්ෂ කාර්යාලය වෙත කැඳවීමක් කර තිබෙන බවත් ඔවුන්ගේ අදහස් ලබාගැනීම සඳහා එසේ කැඳවා ඇති බවත් කරුණාතිලක මන්ත්‍රිවරයා කියා සිටියේය.

මෙම සාකච්ඡාව වෙනුවෙන් සැලකිය යුතු පිරිසක් සහභාගි වනු ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අත්දැකීම් ලබාගෙන ඉදිරි දේශපාලන කටයුතු මෙහෙයවීම සජිත් ප්‍රේමදාස ගේ සැලසුම බවට පත්වී ඇති බවත් මන්ත්‍රීවරයා කීවේය.

එළැඹෙන අඟහරුවාදා (සැප්. 9)අනිද්දා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමට නියමිත බවත් ඊට පෙර හිටපු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අදහස් හා දැනුම ලබාගැනීමට සජබ නායකයා බලාපොරොත්තුවෙන් සිටින බවත් කරුණාතිලක මන්ත්‍රිවරයා පැවසීය.

සමගි ජන බලවේග පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, සජිත් ප්‍රේමදාස සමඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හමුව වෙනුවෙන් සහභාගි වනු ඇති බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments