Homeදේශීයනිලුපුලී ලංකාපුරට මහාධිකරණ විනිසුරු උසස් වීමක්

නිලුපුලී ලංකාපුරට මහාධිකරණ විනිසුරු උසස් වීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කරනු ලැබ ඇත.

මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කෙරිණි.

විශේෂ පන්තියේ අධිකරණ නිලධාරීන් 17 දෙනෙකු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියක මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම් සිදු කරන ලදී.

මෙලෙස නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලැබූ නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය පහතින්.

නව මහාධිකරණ විනිසුරු නාම ලේඛනය මීට පෙර දැරූ පදවිය

  1. එස්.එස්.කේ. විතාන මහතා දිසා විනිසුරු
  2. ඒ.එම්.අයි.එස්. අත්තනායක මහතා දිසා විනිසුරු
  3. ඒ.එම්.එම්. රියාල් මහතා දිසා විනිසුරු
  4. ඩී.පී.මුදුන්කොටුව මහතා දිසා විනිසුරු
  5. එස්.බී.එච්.එම්.එස්. හේරත් මහතා අතිරේක දිසා විනිසුරු
  6. ජේ. කජනිදීපාලන් මහතා දිසා විනිසුරු
  7. ඩී.එම්.ඩී.සී. බණ්ඩාර මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
  8. එච්.එම්.බී.ආර්. විජේරත්න මෙනෙවිය අතිරේක දිසා විනිසුරු
  9. ඩී.එම්.ඒ. සෙනෙවිරත්න මහතා අතිරේක දිසා විනිසුරු
  10. ඒ.ඒ. ආනන්දරාජා මහතා මහේස්ත්‍රාත්
  11. ජී.එන්.පෙරේරා මහතා දිසා විනිසුරු
  12. ඒ. ජුඩේසන් මහතා දිසා විනිසුරු
  13. ඩබ්ලිව්.කේ.ඩී.එස්. වීරතුංග මහත්මිය දිසා විනිසුරු
  14. ආර්.බී.එම්.ඩී.ආර්.වැලිගොඩපිටිය මහතා දිසා විනිසුරු
  15. කේ.ඩී.එන්.වී. ලංකාපුර මෙණෙවිය මහේස්ත්‍රාත්
  16. ඩී.එම්.ආර්.ඩී.දිසානායක මහතා දිසා විනිසුරු
  17. එම්.අයි.එම්. රිස්වි මහතා.දිසා විනිසුරු
  18. ඒ. ජයලක්ෂි ද සිල්වා මහත්මිය රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ
RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments