අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාව යළිත් එළැඹෙන සැප්තැම්බර් මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ අද ඔහුව පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේ සිදුව ඇති පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසු ගිය 28වනදා අත්අඩංගුවට ගැනුණා.
2020 ජූලි මස 15 වැනිදා 24 වන නාවික හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගත් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, සිය ධුර කාලය අවසන් වීමෙන් පසු 2022 දෙසැම්බර් 18 වැනිදා නාවික හමුදාපති ධූරයෙන් විශ්‍රාම ගනු ලැබුවා.
අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදාපති ධූරයට පත්වීමට පෙර එහි මාණ්ඩලික ප්‍රධානියා ලෙසට කටයුතු කර තිබෙනවා.



