පොලීසියේ රාළහාමිලාගේ බැරැක්කයේ ගඳ සුවඳ ඔහුට අමුතුවෙන් හඳුනා ගන්නට අභ්‍යාස කරන්නට අවශ්‍ය නැත. පොලිස් කොස්තාපල්වරයකු ලෙස 1988 වර්ෂයේ පොලිස් සේවාවට එක්වූ ප්‍රියන්ත වීරසූරිය පොලිස් විශේෂ කාර්ය බලකාය රථවාහන හා අපරාධ අංශවල සේවය කළ අතර 1992 වසරේ උප පොලිස් පරීක්ෂක වරයකු ලෙස උසස් විය.
1993 හා 1998 වසර තුළ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිය හැදෑරූ ඔහු 1999 වසරේදී නීති විද්‍යාලයට ඇතුළත් විය.
1999 වසරේ සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් වූ ප්‍රියන්ත වීරසූරිය පොලීසියේ විවිධ අංශ වල සේවයේ නිරත වූ අතර 2007 වසරේ පොලිස් අධිකාරීවරයකු ලෙස පත්ව නීති හා සැපයුම් අංශවල සේවයේ නිරත වූයේය.
ඉන් අනතුරුව ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයකු ලෙස උසස් වූ ඔහු 2012 වර්ෂයේ සිට 2016 දක්වා සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරි කෙරුවේය.
2012 වර්ෂයේ සිට 2015 වර්ෂය තුළ ප්‍රියන්ත වීරසූරිය සර් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළේය. .2016 වසරේ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් වූ ඔහු 2020 වසර දක්වා පොලීසියේ සැපයුම් අංශයේ ප්‍රධානියා ලෙසද 2020 වර්ෂයේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත්ව උපාය මාර්ගික, කළමණාකරන, අපරාධ හා රථවාහන අංශ වල සේවය කර තිබිණි.
වැඩ බලන පොලිස්පති වරයා ලෙස පත් වන විට ප්‍රියන්ත වීරසූරිය උතුරු මැද පලාත බාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා ලෙස කටයුතු කරමින් සිටියේය.මං පොලීසියට ආවෙ අම්මයි තාත්තයි මගේ ජීවිත ආරක්ෂාව ගැන හිතුව හන්දා. එයාලට ඕන වුනා මම ජීවත් වෙලා ඉන්නවා දකින්න. ඒ දවස්වල අපේ ගම්වල තිබුණ භීෂණකාරී වටපිටාව තුළ තරුණයින්ගේ ජීවිත වලට දැඩි අවදානමක් තිබුණා. මම පොලිස් කොස්තාපල් වරයෙක් විදියට 1988 අවුරුද්දෙ පොලීසියට බැඳුනෙ ඒ නිසා.”



