Homeදේශීයකවුද මේ බානා

කවුද මේ බානා

ඔහු 45 හැවිරිදි පුද්ගලයෙකි. පදිංචිය පාදුක්ක, වටරැකය. හෝමාගම ප්‍රදේශිය සභාවේ හිටපු සභිකයෙකි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක්ම නියෝජනය කරමින් ප්‍රාදේශීය සභාවේ සභිකත්වය ලබාගෙන තිබිණි. ගමේ ඇත්තන් ඔහුට කීවේ බානා මන්ත්‍රි’ කියාය.

ඔහු ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කර තිබිණි. ඉඩම් සහ ඉදිකිරිම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක් ඔහු කරගෙන ගියේය. ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් ඔහු මීට දින කිහිපයකට ඉහතදී මීගොඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් ද ගොනුකර ඇති බව වාර්තා වෙයි.

බානා මන්ත්‍රීත් හොඳ කැරැට්ටුවක් ඇති අයෙක් නොවේ. ඔහු ලලිත් කන්නංගරගේ නම පාවිච්චි කරමින් විවිධ පුද්ගලයින්ගෙන් කප්පම් ලබාගෙන ඇති බව පොලිසිය කීවේය. එමෙන්ම ඔහු ගගන නම් සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

තමන්ගේ නම විකුණා කප්පම් ගන්නා “බානා මන්ත්‍රීට ලලිත් කන්නංගර උත්තර දුන්නා විය හැකිය. කෙසේ වෙතත් අප දකින්නේ නිමාවක් නැති ඝාතනයන්ය. මාලිගාවත්තේ තරුණයින් පස් දෙනාට වෙඩි තබා ඉන් දෙදෙනෙක් ඝාතනය කර තවත් දෙදෙනෙකුගේ ජීවිත දැඩි සත්කාර ඒකකයට භාර දී තවත් දින දෙකක් නැත.

මේ පාතාල කල්ලිවල එළිපිට මරා ගැනීම් අවසන් කළ යුතු කාලය පැමිණ ඇති බව නම් කිව යුතුව ඇත. එය රජයේ සාධනීය පැවැත්මට ද බලපාන බැවිනි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments