Homeදේශීයනව මාධ්‍යයෙන් පීඩාවන අය රකින්න නව නීති.

නව මාධ්‍යයෙන් පීඩාවන අය රකින්න නව නීති.

සමාජ මාධ්‍ය හා අනෙකුත් නව මාධ්‍ය හරහා හඩක් නොමැති පුරවැසියාට වන බලපෑමෙන් ඔවුන් ආරක්ෂා කිරීමට නව නීති සම්පාදනය කිරීමට සිදු වී තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මෙහෙයවන ලද “මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබද ඩිප්ලොමා පාඨමාලාව” සාර්ථකව නිම කරන ලද ඩිප්ලොධාරීන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මෙහෙයවන ලද මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබද 10 වන පාඨමාලාව සාර්ථක ලෙස හැදෑරුවන් මෙවර ඩිප්ලෝමාධාරී සහතිකපත්ලාභී කණ්ඩායමට ඇතුළත් වු අතර මීට ප්‍රථම ඩිප්ලෝමාධාරීන් 315 පමණ ඩිප්ලෝමා පාඨමාලාව ලබා දීමට එම මණ්ඩලය කටයුතු කර ඇත. මෙම පාඨමාලාව වර්ෂයක අධ්‍යයන කාලයකින් යු‍ක්ත වේ.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මාධ්‍ය මඟින් සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීමට දක්වන සැලකිල්ලට සාපේක්ෂව බැලීමේ දී එම සාවද්‍ය ප්‍රවෘත්තිය සමාජ ගතවන ප්‍රමාණයටම එය නිවැරදි කිරීමට එම මාධ්‍ය ආයතන සැලකිලිමත් නොවන බව සඳහන් කළේ ය. පොදු ජනතාවට මාධ්‍ය නිසා සිදුවන පීඩාවන් මෙන් ම විවිධ ආකාරයේ බලපෑම වලින් ඔවුන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වන අතර එවන් අවස්ථා වල දී පුරවැසියාගේ අයිතීන් ආරක්ෂා කර දීම වෙනුවෙන් රජයක් හැටියට යම් යම් නීති පැනවීමට ද සිදුවන බව ද අවධාරණය කළේ ය.

ජනමාධ්‍ය අමාත්‍යාංශය වර්තමානයේ ප්‍රධාන ධාරාවන් කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක වන බවත්, එහි දී මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම, මාධ්‍යයට අදාළ කටයුතු වර්ධනය කිරීම, මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය වැඩි දියුණු කිරීම මෙන් ම, මාධ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන පීඩාවන් ගෙන් පුරවැසියා ආරක්ෂා කර ගැනීම පිළිබඳවත් අවදානය යොමුකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙහි දී අදහස් දැක්වු බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනමාධ්‍ය විෂය වර්තමානයේ වගකීම, වගවීම, ඒ වගේ ම ආචාර ධාර්මික බව, වෘත්තීය බව මේ සියල්ල තුළ බෙහෙවින් ම අභියෝගයට බදුන් වී ඇති බව සඳහන් කළේ ය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments