රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව ඒජන්සියේ නිල කාලය අදින් අවසන්වීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
ඒ අනුව එම කාර්යාංශයේ සේවා කටයුතු තවදුරටත් දිගුකරන්නේ ද ? නැතහොත් එහි සේවය කරන කාර්ය මණ්ඩලයේ රාජකාරි කටයුතු හෙටින් පසු අවසන් කරන්නේද ? ඔවුන්ව වෙනත් ස්ථානයකට අනුයුක්ත කරන්නේ ද ? යන්න පිළිබඳව අවිනිශ්චිත තත්වයක් මතුව ඇතැයි ද පැවසේ.
කෙසේවුවද මුදල් අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ මෙම කාර්යාංශයේ ප්‍රධානියා පසුගිය දිනවල නිල රාජකාරි කටයුත්තක් සඳහා විදේශගත සිටින බැවින් හෙට දිනයේ ඔහු යලි දිවයිනට පැමිණි වහාම මෙම කාර්යාංශයේ කාලය දීර්ඝ කිරීමට නියමිත බවයි.
රජයට සිය අරමුදල් විශාල වශයෙන් යෙදවීමට නොහැකි අවස්ථාවලදී රජයේ සහයෝගය ඇතිව රජයේ ආර්ථික ප්‍රමුකතා අනුව පුද්ගලික අංශයේ යෝජනාවලට ඉඩකඩ සැලසෙන පරිදි මෙම ඒජන්සිය ස්ථාපිත කරනු ලැබුවේ පසුගිය ආණ්ඩුව සමයේදීය.
මේවනවිටත් ඒ හරහා ව්‍යාපෘති ගණනාවක් සාර්ථකව ක්‍රියාත්මකවේ.
ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමේදී ආයෝජකයන් මුහුණ දෙන දුෂ්කරතා සහ ගැටලු හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම මගින් ආයෝජන දිරි ගැන්වීමටත්, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘති හදුනාගෙන නිශ්චිත කාලරාමුවක් යටතේ එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් හැකි වන පරිදි මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ජාතික නියෝජිතායතනය ස්ථාපිත කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2022 සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කළ යෝජනාව එකල අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබිණ.
කෙසේවුවද අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව 2025 අයවැය කථාවේදී ඔහු පැවසුයේ, ආයෝජන ප්‍රවර්ධනය සඳහා පහසුකම් සැපයීමේ අරමුණින් රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්වය සම්බන්ධයෙන් නව පනතක් හඳුන්වා දීමට පියවර ගන්නා බවයි.
ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිතායතනය වෙනුවට විධිමත් නෛතික යාන්ත්‍රණයක් මත පදනම්ව නව ඒකකයක් පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමටත්, එම ඒකකය නෛතිකව ස්ථාපිත කරන තෙක් එහි මූලික කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය හා ආර්ථික කටයුතු) විසින් ප්‍රධානත්වය දරන රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව ඒකකයක් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය තුළ ස්ථාපිත කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා 2025-06-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දෙන ලදී.
රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය
මෙම ව්‍යාපෘතිය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, රජය විසින් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය නියාමන රාමුව සහ යටිතල පහසුකම් සම්බන්ධ උපකාර සැපයීමත්, පෞද්ගලික අංශය විසින් සේවා ක්‍රියාත්මක කිරීම හා කළමනාකරණයත් සිදු කිරීමට අපේක්ෂිතය.
මෙම හවුල්කාරිත්වය යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාව, නවෝත්පාදන හැකියාව සහ ආයෝජන ප්රාග්ධනය උපයෝගී කරගැනීමටත්, රාජ්‍ය අංශයේ නියාමන පරිසරය හා යටිතල පහසුකම් ප්‍රවර්ධන හැකියාව උපයෝගී කරගැනීමටත් හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.