Homeදේශීයමෙරට සමාජ මාධ්‍ය අතුරින් අවම පිරිසක් භාවිත කරන්නේ ස්නැප් චැට්

මෙරට සමාජ මාධ්‍ය අතුරින් අවම පිරිසක් භාවිත කරන්නේ ස්නැප් චැට්

මෙරට පුද්ගලයන් භාවිත කරන සමාජ මාධ්‍ය අතුරින් අවම පිරිසක් භාවිත කරන සමාජ මාධ්‍ය ජාලය ස්නැප් චැට් බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.

එම කොමිෂන් සභාවේ 2024 වසරේ දත්තවලට අනුව ස්නැප් චැට් පරිශීලක සංඛ්‍යාව හතළිස් ලක්ෂ දොළොස්දහස් එකසිය විසිඑකකි.

එසේම එම තොරතුරුවලට අනුව මෙරට ජංගම දුරකථන පරිශීලකයන් වැඩිම පිරිසක් භාවිත කරන සමාජ මාධ්‍ය ජාලය ෆේස්බුක් වන අතර එම පරිශීලකයන් ගණන එක්කෝටි තිස් එක් ලක්ෂ හාරසියදොළහකි.

ඊට අමතරව එක්කෝටි හතළිස්පන්ලක්ෂ විසිඅටදහස් තුන්සියහැත්තෑ එකක් යූටියුබ් පරිශීලකයන් වන අතර වට්ස්ඇප් පරිශීලකයන් ගණන එක්කෝටි හතළිස් නව ලක්ෂ විසිඅට දහස් පන්සිය විස්සකි.

වයිබර් පරිශීලකයන් ගණන හැට ලක්ෂ හැට අටදහස් අටසිය තිස්තුනකි.

එසේම ටික්ටොක් පරිශීලකයන් ගණන එක්කෝටි පනස්පන් ලක්ෂ හත්දහස් පනස් දෙකක්ද, ඉමෝ පරිශීලකයන් ගණන හැත්තෑහය ලක්ෂ හැටදෙදහස් අටසියදාහතක්ද, ඉන්ස්ටර්ග්‍රෑම් පරිශීලකයන් ගණන අසූහතර ලක්ෂ හැත්තෑ දහස් හයසියඅනූඅටක්ද වේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments