Homeදේශීයකඩොලානට දලුලන්න ඉඩ දෙන්න.

කඩොලානට දලුලන්න ඉඩ දෙන්න.

මෙරට කඩොලාන පරිසර පද්ධති 8 ක් රක්ෂිත ලෙස නම් කර තිබෙනවා.

ඒ , අන්තර් ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනයට සමගාමීවයි.

කඩොලානට දලුලන්න ඉඩ දෙන්න යන තේමාවෙන් එම දිනය මෙරටදී සමරනු ලබනවා.

මේ යටතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ, මාරම්බැට්ටිය මූකලාන, වවුල්කැලේ, මැරවල සී, මැරවල බී, මැරවල ඒ , මැරවල කුසල සහ කරුකපනේ බී යන කඩොලාන වනාන්තරවලින් හෙක්ටයාර් 67 කට ආසන්න ප්‍රමාණයක් රක්ෂිත ලෙස නම් කෙරෙනු ඇති.

කඩොලාන දින සැමරුම් උත්සවයේදී එම නම් කිරීම සිදු කෙරුණා.

මෙරට හෙක්ටයාර් 125,000 ක භුමි ප්‍රදේශයක කඩොලාන ව්‍යාප්තවී ඇති අතර ඒවා බයුලව දැකිය හැක්කේ, නිරිතදිග හා ඊසාන ප්‍රදේයේ කලපු ආශ්‍රිතවයි.

මෙරට ව්‍යාප්තවී ඇති කඩොලාන වි‍ශේෂ සංඛ්‍යාව 11 ක්.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments