පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුපට හිමිව ඇති අයවැය සහන දීමනාව අහෝසි කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් දෙකකට එරෙහිව වාණිජ හා කාර්මික සේවක සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.
පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද එම පනත් කෙටුම්පත් දෙක හරහා සේවකයන්ට හිමිව ඇති දීමනා කප්පාදු කිරීම මූලික අයිතිවාසිකම් කඩ වන බවත්, එම කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එම පෙත්සම්වලින් තර්ක කර තිබෙනවා.
අයවැය සහන දීමනාව යනු 1978 අංක 8 දරන අයවැය සහන දීමනා පනත හරහා 1978 තරම් මුල් භාගයේදී හඳුන්වා දුන් නිශ්චිත දීමනාවක් බව මෙම පෙත්සම පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වාණිජ හා කාර්මික සේවක සංගමය සඳහන් කළා.
එයින් පසු 2005 දී, 2005 අංක 36 දරන අයවැය සහන දීමනා පනත හරහා, මාසික වැටුපක් ලෙස රුපියල් 20,000 ට අඩු වැටුපක් ලබන ඕනෑම සේවකයෙකුට රුපියල් 1000- ක් සහ පසුව 2016 අංක 4 දරන අයවැය සහන දීමනා පනත හරහා, රුපියල් 40,000 ට අඩු ආදායමක් ලබන සේවකයින්ට රුපියල් 2500- ක සහන දීමනාවක් හිමි වූ බව එම පෙත්සමෙන් පෙන්වාදෙනවා.
කෙසේවෙතත්, යෝජිත පනත් කෙටුම්පත් නීතියක් ලෙස සම්මත වුවහොත් එම කෙටුම්පත 2025 අප්‍රේල් 1 වන දින සිට ක්‍රියාත්මක වන බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ඒ අනුව පනත ඉදිරිපත් කළ දිනට පෙර දිනයක සිට පනත ක්‍රියාත්මක වන බව උක්ත පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
මේ වන විටත් ගෙවා ඇති අප්‍රේල්, මැයි සහ ජුනි ඇතුළු මාසවල වැටුප්වලින් දැනටමත් ගෙවා ඇති අයවැය සහන දීමනා යළි අය කරගැනීමේ පවා අවදානමක් ඇති බව එම පෙත්සමෙන් තර්ක කර තිබෙනවා.