Homeදේශීය67,000කට අධික පිරිසකට මේ වසරේ හජ් වන්දනා අහිමිවෙයි

67,000කට අධික පිරිසකට මේ වසරේ හජ් වන්දනා අහිමිවෙයි

පාකිස්ථාන වන්දනාකරුවන් 67,000කට අධික පිරිසකට මේ වසරේ හජ් වන්දනා කිරීමට නොහැකි වූ සිද්ධියක් සම්බන්ධයෙන් එරට ආගමික කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය සර්දාර් මුහම්මද් යූසුෆ් පුද්ගලික හජ් සංචාරක ක්‍රියාකරුවන් වගකිව යුත්තන් ලෙස ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ, වන්දනාකරුවන්ට පහසුකම් සැලසීමට රජය කැපවී සිටිය ද, බොහෝ පෞද්ගලික සංචාරක ක්‍රියාකරුවන් සෞදි අරාබියේ ගිණුම් පද්ධතියට අවශ්‍ය මුදල් තැන්පත් කිරීමට 2025 පෙබරවාරි 14 දිනට නියමිත කාලසීමාව සපුරාලීමට අපොහොසත් වූ බවයි.

2025 සඳහා පාකිස්ථානයේ හජ් කෝටාව 179,000 ලෙස සකසා ඇති අතර එය රජයේ සහ පෞද්ගලික අංශ අතර සමානව බෙදී ගොස් තිබේ.

පුද්ගලික හජ් යෝජනා ක්‍රමය යටතේ වන්දනාකරුවන් 25,698ක් සිය ගමන ඉදිරියට ගෙන යන අතර, නියමිත වේලාවට මුදල් මාරු නොකිරීම හේතුවෙන් හජ් වන්දනාවේ යෙදීමට ඇති අවස්ථාව දස දහස් ගණනකට අහිමි වී ඇති බවයි අදාළ මාධ්‍ය වාර්තා පවසයි.

එබැවින් අමාත්‍යවරයා පැවසුවේ, පෞද්ගලික ක්‍රියාකරුවන්ගේ නොසැලකිලිමත්කම නිසා විශාල පීඩාවක් ඇති වී තිබෙන බවයි.

Aසෞදි බලධාරීන් නියමිත කාලය දීර්ඝ කළද, අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩුවෙන් අතිරේක ගෙවීම් 10,000ක් පමණක් ඉදිරිපත් කර ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments