Homeදේශීයපළාත් පාලන මැතිවරණ දිනය අද ප්‍රකාශයට.

පළාත් පාලන මැතිවරණ දිනය අද ප්‍රකාශයට.

ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අදින් අවසන් වෙයි.

මැතිවරණ කොමිසම පැවසුවේ අද මධ්‍යහ්න 12.00න් පසුව නාමයෝජනා භාරගැනීම් සිදුනොකෙරෙන බවයි.

ඉන් අනතුරුව නාමයෝජනාවලට අදාළ විරෝධතා විමසා බලනු ඇති.

පක්ෂ හෝ අපේක්ෂකයින් වෙනුවෙන් පෙළපාළි සහ රැස්වීම් සංවිධානය කිරීම තහනම් බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.

පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු පසුගිය 17 වැනිදා සිට ආරම්භ කෙරුණා.

නාමයෝජනා භාරගැනීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පළාත් පාලන මැතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ද ඊයේ දිනයෙන් අවසන් වුණා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments