Homeදේශීයපළාත් පාලන මැතිවරණ දිනය නාමයෝජනා වලින් පසුව

පළාත් පාලන මැතිවරණ දිනය නාමයෝජනා වලින් පසුව

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් නියම කළ හැකි වන්නේ නාම යෝජනා භාර ගැනීම අවසාන වීමෙන් පසුව බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

අම්පාර ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළා.

පළමුව නාම යෝජනා භාර ගැනීමේ දැන්වීම නිකුත් කරන බවත් යම් සභාවකින් නාමයෝජනා කිසිවක් හෝ නොලැබුණොත් නැවතත් නාම යෝජනා කැඳවීමට සිදු බවන බවද සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටියා.

එලෙසම ලැබුණු නාම යෝජනා පත්‍රවලින් නියමිත සුදුසුකම් සපුරා ඇත්තේ එක් පාර්ශවයක් ඉදිරිපත් කළ නාම යෝජනා පමණක් වුවහොත්, ඔවුනට නිතරඟ ජයක් හිමිවන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී අවධාරණය කළා.

“ඉදිරි දින කිහිපයේදී මැතිවරණ කොමිෂන් සභාව නාම යෝජනා භාර ගැනීමේ දැන්වීම ප්‍රකාශයට පත් කරන අදාළ කටයුතු කරනවා, ඉන්පසුව තමයි ඉදිරි කටයුතු ආරම්භ කෙරෙන්නේ”

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments