Homeදේශීයප්‍රථම වතාවට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 සීමාව පසුකරයි.

ප්‍රථම වතාවට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 සීමාව පසුකරයි.

හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරාන ප්‍රහාර ඉහළ යාම, සෞදි අරාබියට එල්ල වූ හූති මිසයිල ප්‍රහාර සහ රුසියානු තෙල් පිරිපහදුවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවට යුක්‍රේනය කළ ප්‍රකාශ හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඉකුත් මැයි මාසයෙන් පසුව ප්‍රථම වතාවට බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 සීමාවද පසුකර ඇත.

එක් අවස්ථාවකදී ඩොලර් 110 සීමාව ඉක්මවා ගිය බ්‍රෙන්ට් බොරතෙල් මිල පසුව තරමක් පහත බැස, 3.7% ක වර්ධනයක් සහිතව බැරලයක් ඩොලර් 109.86ක් ලෙස සටහන් විය. එමෙන්ම අමෙරිකානු WTI බොරතෙල් මිලද 3.5%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 101.41ක් දක්වා ඉහළ ගියේය.

මෙම ගෝලීය නොසන්සුන්තාව හේතුවෙන් මේ සතිය තුළ පමණක් අමෙරිකානු WTI තෙල් මිල 10%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් තෙල් මිල 5%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments