Homeදේශීයසමනලුන්ට පාර කියමු

සමනලුන්ට පාර කියමු

මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ළමා අයිතිවාසිකම් කඩවීමේ සිද්ධීන් 261 ක් වාර්තාවී ඇත.

ඉන් සිද්ධීන් 127 ක්ම ළමයින් පාසල් නොයැවීමේ සිද්ධීන් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගියදා පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය විය.

මෙම ළමයින් නැවත පාසල්වලට යොමු කිරීමට කටයුතු කළ බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ ළමා හා කාන්තා ඒකකය සඳහන් කරයි. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන “සමනලුන්ට පාර කියමු“ වැඩසටහන යටතේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිඟමන් යදින දරුවන් 23 දෙනකු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය භාරයට ගෙන ඇත. එම දරුවන් අතරින් 18 දෙනකුගේ දෙමාපියන්ට අවවාද කර බැඳුම්කරයක් මත එම දරුවන් නැවත භාරකරුවන්ට භාරදී තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments