Homeජාත්‍යන්තරඉන්දියාව ලොව 4 වන විශාලම ආර්ථිකය බවට පත්වෙයි

ඉන්දියාව ලොව 4 වන විශාලම ආර්ථිකය බවට පත්වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ ලෝක ආර්ථික දැක්ම වාර්තාවට අනුව, 2025 වසරේදී ඩොලර් ට්‍රිලියන 4 ක ආදායමක් උපයාලමින් ඉන්දියාව ලොව 4 වන විශාලම ආර්ථිකය බවට පත්ව තිබේ.

ඒ, මීට පෙර එම ස්ථානයේ සිටි ජපානය පසුකරමිනුයි.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මෙහි පළමු ස්ථානයේ සිටින්නේ ඇමරිකාව වන අතර, දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙළින් හිමිවන්නේ චීනය සහ ජර්මනියටය.

එමෙන්ම, 2026 වසර වන විට ඉන්දියාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය, ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා තරමක් වැඩි විය හැකි බවටද පුරෝකථනය කර ඇති බවට විදෙස් වාර්තාවල දැක්වේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments